පුරන්න
: Капитальный ремонт крыши. Быстрый ремонт крыши дома своими руками. Стоимость ремонта крыши. Ремонт потолка своими руками. Качественный ремонт потолков в квартире. Ремонт подвесных потолков. Схема подключения котла отопления. Быстрое подключение котла к системе отопления. Подключение батарей отопления схема.
Продажа самодельных вездеходов. Лучшие самодельные мини вездеходы. Устройство самодельных вездеходов. Ванная комната дизайн фото. Красивый дизайн интерьера ванной комнаты. Дизайн ванной комнаты в квартире. Как начать бизнес с нуля. Лучшие идеи малого бизнеса с нуля. Новый бизнес с нуля. Самодельные квадроциклы чертежи. Как сделать самодельный квадроцикл сегодня. Самодельный квадроцикл своими руками. Стяжка пола своими руками. Быстрая и сухая стяжка пола своими руками. Как сделать стяжку своими руками.
ඔබ මෙතනයි:  මුල් පිටුව ප්‍රධාන කාර්යාලය සැලසුම් හා නිර්මාණ ද්‍රව විද්‍යාත්මක

ද්‍රව විද්‍යාත්මක පර්යේෂණ විද්‍යාගාරය

ද්‍රාව විද්‍යාත්මක විද්‍යාගාරය 1938 මැයි 21 වැනි දින ශ‍්‍රීමත් ඇන්ඩෘ කොල්ඩිකොට් ආණ්ඩුකාරතුමන් විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.

ද්‍රාව විද්‍යාත්මක පර්යේෂණ විද්‍යාගාරය පහත සඳහන් අංග වලින් සමන්විතව ඇත.

  • ද්‍රාව විද්‍යාත්මක පරිමාප ආකෘති විද්‍යාගාරය
  • උපකරණ අංශය
  • ඩාව්හල
  • ජායාරූප අංශය

ද්‍රාව විද්‍යා පර්යේෂණ විද්‍යාගාරයේ කාර්යයන්

  1. මිනුම් උපකරණ හා විද්‍යාත්මක උපකරණ සවි කිරීම සහ ආදර්ශ පරික්ෂණ සිදු කිරීම, පරීක්ෂණ ප‍්‍රතිඵල වගුගත කිරීම, රූපසටහන් පිළියෙල කිරීම හා වාර්තා කිරීම ඇතුළුව ද්‍රාව විද්‍යා පරිමාප ආකෘති ඉදි කිරීම
  2. බෙදා හැරීම් ඇල මාර්ග පද්ධතිවල කාන්දුවීම් පිළිබඳ අධ්‍යයනයන්
  3. මුහුදු මෝය අධීක්ෂණය
  4. ඇල මාර්ග, දොළ මාර්ග හා ගංගා වලින් රොන් මඩ ප‍්‍රවාහන දත්ත රැස් කිරීම
  5. සොරොව් / ජලය පිට කිරීමේ මාර්ග ක‍්‍රමාංකණය හා වැගැයීම් වක‍්‍ර ලබාදීම
  6. ප‍්‍රවාහ කැනීම සඳහා මිනුම් උපකරණ පිරිසැකසුම් පිහිටුවීම හා ක‍්‍රමාංකනය

ද්‍රාව විද්‍යා පර්යේෂණ ආකෘති විද්‍යාගාරය පිළිබඳ තොරතුරු

  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 1938 පිහිටුවනු ලැබීමේ සිට ද්‍රාව විද්‍යා පර්යේෂණ ආකෘති විද්‍යාගාරය අඛණ්ඩව ක‍්‍රියාත්මකව පැවතී ඇත. විද්‍යාගාරය 1940 දී එය දැනට පිහිටා ඇති කොළඹ 5, ජාවත්ත පාරේ අංක 34 දරන ස්ථානයට ගෙන එන ලදී.
  • විද්‍යාගාරයේ යටිතල පහසුකම් අතරට පහත සඳහන් දේ අයත් වේ
    • අංශ ආකෘති සඳහා කොන්ක‍්‍රීට් පිල්ල (මී. 25 x   මී. 1.5 x   මී. 1.5)
    • වෙන් වූ ජල සංසරණ පද්ධතිය සහිත ඇල කළ හැකි වීදුරු පීල්ල (පරීක්ෂණ දිග මී 12)
    • පීලි සඳහා ගොඩනැගිලි 2
    • ඒකාබද්ධ කරන ලද පොම්පාගාරය (විදුලි පොම්ප 1 ක් හා ඞීසල් පොම්ප එකක් (හදිසි අවස්ථා සඳහා සවිකරන ලද) සහිත අඛණ්ඩ මුදුන් ටැංකිය
    • භූගත ටැංකියක්
    • විදුලි උපපොල (250 KVA) සහ පරීක්ෂණ පහසුකම් සඳහා විදුලිබල පිහිටැවුම
  • අවශ්‍ය උපකරණ සැකසීම
    • ආකෘති අධ්‍යයනයන් සිදු කිරීම සඳහා අවශ්‍ය වන සියළුම උපකරණ විද්‍යාගාරය සතුව ඇත. බැහැර කරන ජලය මනින වේලි, තුඩු ආමාන, පාලම්, ධාරි මනු, පීඩනමාන ආදිය මේ අතර වේ. ද්‍රාව විද්‍යාගාරය යටතේ පවතින කම්හල හා උපකරණ අංශය මෙම සියළු උපකරණ වෙනුවෙන් අළුත්වැඩියා කිරීමේ පහසුකම් සපයයි

අඛණ්ඩ ධාරා ජල සැපයුම හා විශාල බිම් ප‍්‍රදේශය හේතුවෙන් මෙම විද්‍යාගාරය දිවයිනේ ද්‍රාව විද්‍යාගාර අතර සුවිශේෂී වේ. ප්ලෝද්ගම කුටි සහිත භූගත ජීවන නල පද්ධතියකින් සමන්විත අවශ්‍ය ජල සැපයුම් ක‍්‍රමයක් සහිත ව. මී. 12,500  විවෘත බිමක විද්‍යාගාරය පිහිටා තිබේ. ඉතා සෙමින් කාන්දු වන ජල දහරක සිට තත්පරයට ලීටර් 760 දක්වා වේග ප‍්‍රමාණවලින් භූගත ජලයෙන් පරීක්ෂණ සඳහා ජලය ඇදගැනීම සිදු වේ.

වාරිමාර්ග හා ජල සංරක්ෂණ ඉංජිනේරු ශිල්පය වෙත මෙම විද්‍යාගාරය විශාල බලපෑමක් ඇති කර ඇති අතර වාරිමාර්ග හා ජල සංරක්ෂණ ව්‍යුහයන් සහ ඇල මාර්ග සඳහා ශක්තිමත් සැලසුම් නිර්ණායක කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දක්වන විද්‍යාගාරයක් ලෙස ජාතික වශයෙන් පිලිගැනීමට ලක්ව ඇත.

මෙහෙවර ප‍්‍රකාශනය

ද්‍රාව විද්‍යා පර්යේෂණ විද්‍යාගාරය පර්යේෂණ සිදු කරනුයේ:

  • අතිරික්ත ජලය ගෙන යාම, ගබඩා කිරීම, බැහැර කිරීම හා මැනීම සඳහා ආරක්ෂා සහිත ලාභදායක ව්‍යුහයන් හා ඇල මාර්ග නිර්මාණය හා විශ්ලේෂණය කිරීම සඳහා නිර්ණායක සැකසීම
  • පාරිසරිකව යෝග්‍ය පරිදි අතිරික්ත ජලය පාලනය කිරීම සඳහා අවශ්‍ය මිනුම් සැලසුම් කිරීමේදී හා / හෝ පවත්නා ගිණුම්වල ආරක්ෂා සහිත හා කාර්යක්ෂම බව තක්සේරු කිරීමේදී භාවිතය සඳහා මතුපිට ජල ප‍්‍රවාහයන්හි මූලික ජල විද්‍යාත්මක දැනුම වැඩි දියුණු කිරීම, හා
  • ද්‍රාව විද්‍යාත්මක ව්‍යුහයන් හා ඇල මාර්ග ඛාදනය වීමෙන් ආරක්ෂා කිරීම සඳහා වෘක්ෂලතාදිය, ඉරිගල් හා / හෝ විවිධ නිසලාන සතු හැකියාව තීරණය කිරීම සඳහා වේ.

ඇතැම් පර්යේෂණ නිශ්චිත අධ්‍යයනයන් කරා යොමු වූ ඒවා වන මුත් මූලික ඉලක්කය වනුයේ තවදුරටත් පරික්ෂණ සිදු කිරීමෙන් තොරව රාජ්‍ය හා පෞද්ගලික යන දෙවර්ගයේම නියෝජිත ආයතන මගින් ජාතික වශයෙන් ආදේශ කර ගත හැකි පොදු පර්යේෂණ සිදු කිරීමයි.

Read More [ PDF - 8.6 MB ]

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 21 වෙනි අඟහරුවාදා, 11:34  







නවතම පුවත්

ගංවතුර පුරෝකථනය (Flood Warning)

ගංවතුර තත්වයේ පුරෝකථන නිවේදන පිළිබද දැනුවත් වීමට මෙම යොමුව මත click කරන්න. ...

කතුහිමිකම © 2017 වාරිමාර්ග දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 15-09-2017.