පුරන්න
: Капитальный ремонт крыши. Быстрый ремонт крыши дома своими руками. Стоимость ремонта крыши. Ремонт потолка своими руками. Качественный ремонт потолков в квартире. Ремонт подвесных потолков. Схема подключения котла отопления. Быстрое подключение котла к системе отопления. Подключение батарей отопления схема.
Продажа самодельных вездеходов. Лучшие самодельные мини вездеходы. Устройство самодельных вездеходов. Ванная комната дизайн фото. Красивый дизайн интерьера ванной комнаты. Дизайн ванной комнаты в квартире. Как начать бизнес с нуля. Лучшие идеи малого бизнеса с нуля. Новый бизнес с нуля. Самодельные квадроциклы чертежи. Как сделать самодельный квадроцикл сегодня. Самодельный квадроцикл своими руками. Стяжка пола своими руками. Быстрая и сухая стяжка пола своими руками. Как сделать стяжку своими руками.

ජල විද්‍යා අංශය

ජලවිද්‍යා අංශය යනු වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් රටේ ජල කාලගුණ විද්‍යාත්මක තොරතුරු පද්ධතිය නඩත්තු කිරීමේ වගකීම දරන විශේෂඥ ශාඛාවකි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් වසර 50කට ආසන්න කාලයකට පසුව 1940 දශකයේ අගභාගයේදී වාරිමාර්ග ඉංජිනේරු ෂර්ලි ජේ. බොක්ස් යටතේ වෙනම අංශයක් ලෙස එය පිහිටුවන ලදී. කෙසේ වෙතත්, ප‍්‍රධාන ගංගා ද්‍රෝණි වල ජල කාලගුණ විද්‍යාත්මක දත්ත රැස් කිරීම ආරම්භ කරනු ලැබුවේ මීට දශක කිහිපයකට පෙර වේ. කැළණි ගඟේ නාගලගම් වීදියේ ජල මාපකය  1924 සිට ක‍්‍රියාත්මකව පවතී.

සංවිධාන ව්‍යුහය

රටේ ජල කාලගුණ විද්‍යාත්මක තොරතුරු පද්ධතියේ කාලකළමනාකරණය, මූල්‍ය පාලනය හා පරිපාලනය සම්බන්ධයෙන් වගකීම උසුලන වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා) යටතේ ජල විද්‍යා අංශය ක‍්‍රියාත්මක වේ..

ජල විද්‍යා අධ්‍යක්ෂවරයාට සහය වීම පිනිස ප‍්‍රධාන ඉංජිනේරුවරුන් දෙදෙනෙක් සිටිති. ප‍්‍රධාන නිරික්ෂණ මධ්‍යස්ථාන 33 කින්, පර්යන්ත මධ්‍යස්ථාන 33 කින්, වර්ෂා මධ්‍යස්ථාන 18 කින් හා කාලගුණ මධ්‍යස්ථාන 4 කින් සමන්විත ජල කාලගුණ විද්‍යාත්මක නිරීක්ෂණ ජාලයක කළමනාකරණය කිරීමේ වගකීම මෙම එක් ප‍්‍රධාන ඉංජිනේරුවරයෙකු වෙත පැවරී ඇත. දත්ත රැස් කිරීමේ ක‍්‍රියාවලියේදී ඔහුට සහාය වීම පිණිස දැනට ජල විද්‍යාත්මක ක්ෂේත‍්‍ර සහකාරවරු 10 ක් හා ජල විද්‍යාත්මක මැනුම් සහයකවරුන් 110 ක් පමණ සිටිති. තොරතුරු හා දත්ත සැකසීම, සංරක්ෂණය කිරීම, සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හා ඉල්ලීම අනුව බාහිර ආයතන වෙත බෙදා හැරීම අයත් වන ජල කාලගුණ විද්‍යාත්මක දත්ත සැකසුම් ඒකකය කළමනාකරණය කිරීමේ වගකීම අනෙක් ප‍්‍රධාන ඉංජිනේරුවරයා වෙත පැවරී ඇත. දත්ත සැකසීමේ ක‍්‍රියාවලියේදී ඔහුට සහසාය වීම පිණිස ජල විද්‍යාත්මක සහකාරවරුන් 10 දෙනෙක් සිටිති.

මෙයට අතිරේකව නව හා පවත්නා වාරිමාර්ග යෝජනා ක‍්‍රම වල ජල විද්‍යාත්මක අධ්‍යයනයන්ට හා ප‍්‍රධාන ගංගා වලට අදාල ගංගා ආකෘති සැකසීම හා ජලගැලීම් පිළිබඳ අනාවැකි පළ කිරීම සඳහා සහාය වීමට ඉංජිනේරුවරුන් දෙදෙනෙක් සිටිති.

පරිපාලන ඒකකය, ජල විද්‍යාත්මක අධ්‍යක්ෂ යටතේ සෘජුවම පාලනය වන කළමනාකාර සහකාරවරුන් තිදෙනෙකු, සැලසුම්කරුවෙකු, රියැදුරන් යනාදියෙන් සමන්විත වේ.

ප‍්‍රධාන වගකීම් හා කාර්යයන්

ජල විද්‍යාත්මක අංශයේ වගකීම් හා කාර්යභාරයන් පහත දැක්වේ

  • අවශ්‍යතා හා ප‍්‍රමුඛතා අනුව මධ්‍යස්ථාන එක් කිරීම හෝ ඉවත් කිරීම ඇතුළුව දීපව්‍යාප්ත ජල කාලගුණ විද්‍යාත්මක නිරික්ෂණ ජාලය කළමනාකරණය කිරීම
  • රටේ වර්තමාන හා අනාගත අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි අවශ්‍ය වැඩි දියුණු කිරීම් සහිතව ජල  කාලගුණ විද්‍යාත්මක දත්ත සංචිතය කළමනාකරණය කිරීම
  • ප‍්‍රධාන ගංගා සම්බන්ධයෙන් ක්ෂේත‍්‍ර දත්ත රැස් කිරීම හා ජල ගැලීම් අනාවැකි පලකිරීම ඇතුළුව ජල විද්‍යාත්මක හා ජලගතික ආකෘති පිලියෙල කිරීම හා නිරතුරුව ඒවා යාවත්කාලීන කිරීම
  • ප‍්‍රධාන ජලගැලීම් හා සම්බන්ධ අවශ්‍ය දත්ත හා තොරතුරු රැස් කිරීම හා ජල ගැලීම් සිතියම්ගත කිරීම
  • වාර්ෂික ජල විද්‍යාත්මක ප‍්‍රකාශන, අත්පොත් යනාදිය ප‍්‍රකාශයට පත් කිරීම
  • පර්යේෂණ කටයුතු සිදුකිරීම හා ඉල්ලීම මත අනෙකුත් නියෝජිත ආයතන වෙත උපදේශන සේවා සැපයීම

ශ‍්‍රී ලංකාවේ ජල මිතික ජාලය

11 රූපසටහනෙන් දැක්වෙන පරිදි රටේ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් 90% ක් පමණ ආවරණය කරන ප‍්‍රධාන ගංගා ද්‍රෝණි 103 ක් ශ‍්‍රී ලංකාවේ ඇත. වෙරළබඩ හා යාපනය අර්ධද්වීපයේ පිහිටි ඉතිරි 10%, ජල විද්‍යාත්මක වශයෙන් එතරම් වැදගත් නොවන කුඩා දියබෙත්ම මගින් ආවරණය කෙරේ.


රූපසටහන 2: ශ‍්‍රි ලංකාවේ ජලමිතික ජාලය

දිවයින තුළ උපදින සමස්ත ජල ප‍්‍රවාහයන්ගෙන් 80% ක් පමණ ප‍්‍රධාන ගංගා 24ක් ඔස්සේ මුහුදට ගලා යන ඒවා ජල විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් ලෙස සැලකේ. අපගේ වර්තමාන ජල මිතික පද්ධතිය එම ගංගාවලට සීමා වී ඇත. කෙසේ වෙතත්, වේලි ආරක්ෂා හා ජල සම්පත් සැලසුම් ව්‍යාපෘතිය යටතේ මෙම පද්ධතිය තව දුරටත් ව්‍යාප්ත කර නවීකරණය කිරීමේ සැලැස්මක් පවතී.

ජල විද්‍යා අංශයේ වර්තමාන ජලමිතික ජාලය ගංගා ද්‍රෝණි 19 ක් ආවරණය කරන ස්ථිර මධ්‍යස්ථාන 33කින් හා පර්යන්ත මධ්‍යස්ථාන 40කින් සමන්විත වේ. මෑතකදී සවි කරන ලද ස්වයංක්‍රීය ජලමාපක වර්ෂාපතන දත්ත රැස්කිරීමේ යන්ත‍්‍ර කිහිපයක් හැරුණු කොට මෙම සියළුම මධ්‍යස්ථානවල දැනට භාවිතා කරන්නේ අතින් ක‍්‍රියා කරවන උපකරණ වේ.

වැලිආරක්ෂණ (DSWRP/HMIS) ව්‍යාපෘතිය යටතේ ජාල මිනුම් මධ්‍යස්ථාන සංඛ්‍යාව 120 දක්වා වැඩි කිරීමට හා ඒවා සියල්ලටම ස්වයංක්‍රීය උපකරණ සවිකිරීමට නියමිතය.

Read More [ PDF - 75 KB ]

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 05 වෙනි ඉරිදා, 02:19  







නවතම පුවත්

ගංවතුර පුරෝකථනය (Flood Warning)

ගංවතුර තත්වයේ පුරෝකථන නිවේදන පිළිබද දැනුවත් වීමට මෙම යොමුව මත click කරන්න. ...

කතුහිමිකම © 2017 වාරිමාර්ග දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 15-09-2017.