පුරන්න
: Капитальный ремонт крыши. Быстрый ремонт крыши дома своими руками. Стоимость ремонта крыши. Ремонт потолка своими руками. Качественный ремонт потолков в квартире. Ремонт подвесных потолков. Схема подключения котла отопления. Быстрое подключение котла к системе отопления. Подключение батарей отопления схема.
Продажа самодельных вездеходов. Лучшие самодельные мини вездеходы. Устройство самодельных вездеходов. Ванная комната дизайн фото. Красивый дизайн интерьера ванной комнаты. Дизайн ванной комнаты в квартире. Как начать бизнес с нуля. Лучшие идеи малого бизнеса с нуля. Новый бизнес с нуля. Самодельные квадроциклы чертежи. Как сделать самодельный квадроцикл сегодня. Самодельный квадроцикл своими руками. Стяжка пола своими руками. Быстрая и сухая стяжка пола своими руками. Как сделать стяжку своими руками.
ඔබ මෙතනයි:  මුල් පිටුව ප්‍රධාන කාර්යාලය ජල කළමනාකරණය ඉඩම් භාවිතය පිළිබඳ අංශය

ඉඩම් භාවිතය පිළිබඳ අංශය

ප්‍රධාන

ඉඩම් භාවිතය පිළිබඳ අංශය 1958 සැප්තැම්බර් මසදී මුලින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවන ලදී. හැටේ දශකයේ මුල් භාගයේදී, කවුඩුල්ල යෝජනා ක‍්‍රමය, උඩවලව යෝජනා ක‍්‍රමය හා මහවැලි සංවර්ධන ව්‍යාපෘති වැනි ප‍්‍රධාන වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා විමර්ශන වලදී ඉඩම් භාවිතය පිළිබඳ අංශය වඩ වඩාත් සම්බන්ධ වීම සිදු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස වාරිමාර්ග සඳහා ඉඩම් වර්ගීකරණය හා වාරිමාර්ග අවශ්‍යතාවන් තීරණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු විණි. මෙම වැදගත්කම වෙනස්වීමේ උච්චතම අවස්ථාව 1964 මාර්තු මසදී ඉඩම් භාවිතය පිළිබඳ අංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මාරු කිරීම වූ අතර එවක පටන් එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක‍්‍රියාත්මක වෙයි.

වාරිමාර්ග ව්‍යාපෘති සැලසුම් කිරීමේ හා ක‍්‍රියාත්මක කිරීමේ සියළු අදියර වලදී ඉඩම් භාවිතය පිළිබඳ අංශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මූලික ශක්‍යතා විමර්ශන, සවිස්තරාත්මක ආර්ථික ඇගයුම, වාරිමාර්ග සඳහා ඉඩම් තෝරා ගැනීම, යෝග්‍ය බෝග රටා තෝරා ගැනීම, වාරිමාර්ග අවශ්‍යතා ගණනය කරීම, සැකැස්ම සම්බන්ධ තීරණ, ජනාවාස සැලසුම් යනාදිය සඳහා ඉඩම් භාවිතය පිළිබඳ අංශය මගින් සකස් කෙරෙන ඉඩම් භාවිතා සැලසුම් යොදා ගැනේ.

ඉඩම් භාවිතය පිළිබඳ සැලසුම් පිළියෙල කිරීම සඳහා දත්ත රැස් කිරීම පිණිස විවිධ තීව‍්‍රතාවයන්ගෙන් පාංශු සමීක්ෂණ සිදු කරනු ලැබේ.

වාරිමාර්ග ව්‍යාපෘති ස්ථානගත කිරීම තීරණය කිරීමේදී සලකා බැලෙන කරුණු අතර යෝග්‍ය ඉඩම් ලබාගැනීමේ හැකියාව ද වේ. ඉඩම් භාවිතය පිළිබඳ අංශය විසින් සිදු කෙරෙන මාණ්ඩලීය පෙරික්සුම් පාංශු මිනුම්, එබඳු යෝජනා ක‍්‍රම සඳහා වඩාත්ම වාසිදායක ස්ථාන හඳුනාගැනීමට උපකාරී වේ. මෙම මිනුම්, වාරි ජල සම්පාදනයෙන් තොර කෘෂිකර්මය, වන විද්‍යාව, වනජීවි, විනෝදාස්වාද හා නාගරික භාවිතය වැනි වෙනත් භාවිතයන් සඳහා ඉඩම්වල තිරසාරබව සම්බන්ධයෙන්ද තොරතුරු සපයයි

මෙම අංශය මගින් සිදු කෙරෙන සවිස්තර පෙරික්සුම් පාංශු මිනුම් (සවිස්තර පාංශු මිනුම -  අඩු තීව‍්‍රතා) ප‍්‍රතිඵල මත පදනම් සාමාන්‍යයෙන් මූලික ශක්‍යතා විමර්ශන සිදු කරනු ලැබේ. භාවිතා කෙරෙන වාරිමාර්ග ක‍්‍රමය තීරණය කරන භූමි සහ පාංශු ලකෂණ, බිම් පිළියෙල කිරීමේ පිරිවැය හා මතුපිට ජලාපවහනය  වැනි විශේෂ ක‍්‍රියාමාර්ගවල අවශ්‍යතාව මගින් සංවර්ධන පිරිවැය කෙරෙහි බලපෑම් ඇති කෙරේ.

ඉඩම් භාවිතය පිළිබඳ අංශය විසින් සිදු කෙරෙන සවිස්තර මධ්‍යම තීව‍්‍රතා හෝ සවිස්තර අධි තීව‍්‍රතා  පාංශු හා භූමි  වර්ගීකරණ මිනුම් යොදා ගනිමින් වාරිමාර්ග සඳහා  ඉඩම් තෝරාගැනීම හා සැකැස්ම සවිස්තර සැලසුම් කිරීම සිදු කරනු ලැබේ. මෙම මට්ටමේ විස්තර සහිත මිනුම්, ජනාවාස සැලසුම් කිරීම, සවිස්තර ඉඩම් භාවිතය සැලසුම් කිරීම, පර්යේෂණ අත්හදා බැලීම් සැකැස්ම යනාදිය සඳහා ද භාවිතා කෙරේ.

පස්වර්ග, දේශගුණය හා අනෙකුත් භූමි ලක්ෂණ මත පදනම්ව විවිධ කාර්යයන් සඳහා ඉඩම් යෝග්‍යතා සිතියම් පිළියෙල කිරීම මෙම අංශය සතු  තවත් කාර්යයක් වේ. මෙම ඉඩම් යෝග්‍යතා සිතියම්, කෘෂිකාර්මික කාර්යයන් සඳහා පමණක් නොව වන විද්‍යාව, ඉංජිනේරුමය භාවිතයන් (මාර්ග, ගොඩනැගිලි, අපද්‍රව්‍ය බැහැර කිරීම හා නලමාර්ග) සංචාරක ව්‍යාපාරය, විනෝදාස්වාද කටයුතු, වනජීවී යනාදී කෘෂිකාර්මික නොවන භාවිතයන් සඳහාද පිළියෙල කරනු ලැබේ.

වෙනත් අධ්‍යයනයන්

කවර හො වාරිමාර්ග යෝජනා ක‍්‍රමයක ලවණතා හා ක්ෂුද්‍ර උවදුරු සැලකිල්ලෙන් ඇගයුම අවශ්‍ය වේ. විවිධ ප‍්‍රධාන යෝජනා ක‍්‍රම වල තත්වයන් පුරෝකථනය කිරීම හා අධීක්ෂණය මෙම අංශයේ තවත් ප‍්‍රධාන විමර්ශන ක්ෂේත‍්‍රයකි. අනන්‍ය ඉදිකිරීම හේතුවෙන් හැර වෙනත් ආකාරයකින් ඇතිවන විෂ බව අධ්‍යයනය කිරීමද මෙම අංශයට පැවරී ඇත.

වැව්, ගංගා හා ළිං වෙතින් ලැබෙන වාරි ජලයේ ගුණාත්මක බව තක්සේරු කිරීම, වාරිමාර්ග සැලසුම් කිරීම සඳහා අත්‍යවශ්‍ය පුර්ව අවශ්‍යතාවයක් වේ. ඉඩම් භාවිතය පිළිබඳ අංශය තෝරාගත් වාරිමාර්ග යෝජනා ක‍්‍රම වල විමර්ශන සිදු කරයි.

ඉඩම් සංවර්ධන පිරිවැය තක්සේරු කිරීම, නව යෝජනා ක‍්‍රම වල ජනාවාස සැලසුම් කිරීම හා පවත්නා යෝජනා ක‍්‍රම වල බලහත්කාරයෙන් පදිංචි වීම් තීරණය කිරීම සඳහා පවත්නා ඉඩම් භාවිතය පිළිබඳ සිතියම් අත්‍යවශ්‍ය වේ. ආර්ථික තක්සේරු කිරීම් හා සාමාන්‍ය සැලසුම් කිරීම් වලදීද ඉඩම් භාවිතය පිළිබඳ සිතියම් අතිශයින්ම වැදගත්ය. එබැවින්, පවත්නා ඉඩම් භාවිතය සිතියම්ගත කිරීම එහි සාමාන්‍ය ක‍්‍රියාකාරකමක් ලෙස ඉඩම් භාවිතය පිළිබඳ අංශය වෙත පැවරී ඇත.

මෙම සියළු ක්ෂේත‍්‍ර වැඩිදියුණු කිරීමේ නිර්දේශ ලබාදීම පිණිස ඉඩම් භාවිතය පිළිබඳ අංශය මගින් මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ විවිධ පස් වර්ග ඉන්වෙන්ටි‍්‍ර සකස් කිරීම හා ඒවායේ මූලික රූප විද්‍යාත්මක, ක්ෂුද්‍ර රූප විද්‍යාත්මක, භෞතික රසායනික හා ඛනිජ විද්‍යාත්මක ගුණාංග තීරණය කිරීම මෙම වැඩසටහනට අයත් වේ. විවිධ පස් වර්ග භාවිතා කිරීම පිළිබඳ පරීක්ෂණවල ප‍්‍රතිඵල හා අත්දැකීම් සම්බන්ධයෙන් ක‍්‍රමානුකූල දත්ත රැස්කිරීමද එයට සම්බන්ධ කාර්යයකි. වාරි සම්පාදන ක‍්‍රම හා ශිල්පීය උපක‍්‍රම, පාංශු ජල සබඳතා හා දේශගුණික වාර්තා තබාගැනිම පිළිබඳ මූලික පර්යේෂණ ද මෙගින් සිදු කරනු ලැබේ.

වර්තමාන කාර්ය වැඩසටහන

බෝග විවිධාංගීකරණ වැඩසටහන වෙනුවෙන් පවත්නා ප‍්‍රධාන හා මධ්‍යම වාරිමාර්ග යෝජනා ක‍්‍රමය වල පාංශු සහ භූමි භාවිතය පිළිබඳ සිතියම් පිළියෙල කිරීම

යෝජිත වාරිමාර්ග ව්‍යාපෘතිවල පාංශු සහ භූමි භාවිතය පිළිබඳ සිතියම් පිළියෙල කිරීම

ජාතික පාංශු මිනුම් වැඩසටහන යටතේ ශ්‍රේණි පදනමින් ශ‍්‍රී ලංකාවේ පස් වර්ග සිතියම්ගත කිරීම

පහත් බිම්වල ජලාපවහන හා ගොඩකිරීම් ව්‍යාපෘති සඳහා පාංශු මිනුම්

පවත්නා හා යෝජිත යෝජනා ක‍්‍රම වල වර්තමාන භූමි භාවිතා පිළිබඳ සිතියම් පිළියෙල කිරීම

වැව්, දොළ මාර්ග, නළ ලිං යනාදියෙන් ලබාගත් වාරි ජලය නියැදීමේ හා විශ්ලේෂණය කිරීමේ වැඩසටහන. වාරි ජලයෙහි සෝඩියම් අවශෝෂණ අනුපාතය (S.A.R.) හා විද්‍යුත් සන්නායකතාව තීරණය කිරීම හා වර්ගීකරණය මෙම විශ්ලේෂණයට ඇතුළත් වනු ඇත.

වෙනත් ආයතනවලට සැපයෙන සේවා

වාරිමාර්ග දෙපාර්තමේන්තුව හැරුණු කොට තවත් ආයතන ගණනාවකට ඉඩම් භාවිතය පිළිබඳ අංශය සේවා සපයයි. මෙය සුවිශේෂී කරුණක් නොවුවත් ඉඩම් භාවිතය පිළිබඳ අංශයේ විශේෂ ලක්ෂණ වන්නේ එය රටේ ප‍්‍රමුඛ පාංශු මිනුම් ආයතනය වීමත් පාංශු මිනුම් භූමි වර්ගීකරණය ඉහත සඳහන් කරන එකී අනෙකුත් කාර්යයන්ට අදාල විශේෂඥතාවය හා තොරතුරු සඳහා එකම භාණ්ඩාගාරය වීමයි. ඒ අනුව මෙම දැනුම සංවර්ධන කාර්යයන්හි නියුතු අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවලට ලබා දීමේ ජාතික වගකීම එය සතුව පවතී.

විද්‍යාගාර විශ්ලේෂණාත්මක කාර්යයන්

ඉඩම් භාවිතය පිළිබඳ අංශයේ විද්‍යාගාරය රසායනික හා භෞතික ගුණාංග සම්බන්ධයෙන් පාංශු හා ජල නියැදි  විශ්ලේෂණය කිරීම පිණිස අති නවීන විශ්ලේෂණ උපකරණ වලින් සමන්විත වේ.

පාංශු නියැදි සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ සිදු කරනු ලැබේ,

  1. PH 1:1  H2O,
  2. විද්‍යුත් සන්නායකතාව 1 : 5   H 20
  3. PH සන්තෘප්ත පාප්පය
  4. විද්‍යුත් සන්නායකතා සන්තෘප්ත පාප්පය
  5. පූර්ණ වශයෙන් හුවමාරු කළ හැකි භෂ්ම
  6. භෂ්ම සන්තෘප්ත බව
  7. හුවමාරු කළ හැකි කැටායන
  8. හුවමාරු කළ හැකි ආම්ලිකතාව
  9. කාබනික අංගාර
  10. සමස්ත නයිට‍්‍රජන්
  11. අංශු ප‍්‍රමාණය ව්‍යාප්තිය

ජල නියැදි මත පහත පරීක්ෂණ සිදු කෙරේ.

  • PH , EC, Co3 2- ,HCo3- ,Cl - , So4 2-, No3-, Ca2+,Mg 2+,Na+,K+
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 28 වෙනි අඟහරුවාදා, 04:39  







නවතම පුවත්

Inundation Maps & Hydrological Annual

සිතියම් සදහා Downloads => Flood Data වෙත යොමුවෙන්න. Hydrological Annual සදහ...

කතුහිමිකම © 2017 වාරිමාර්ග දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 16-11-2017.