පුරන්න
: Капитальный ремонт крыши. Быстрый ремонт крыши дома своими руками. Стоимость ремонта крыши. Ремонт потолка своими руками. Качественный ремонт потолков в квартире. Ремонт подвесных потолков. Схема подключения котла отопления. Быстрое подключение котла к системе отопления. Подключение батарей отопления схема.
Продажа самодельных вездеходов. Лучшие самодельные мини вездеходы. Устройство самодельных вездеходов. Ванная комната дизайн фото. Красивый дизайн интерьера ванной комнаты. Дизайн ванной комнаты в квартире. Как начать бизнес с нуля. Лучшие идеи малого бизнеса с нуля. Новый бизнес с нуля. Самодельные квадроциклы чертежи. Как сделать самодельный квадроцикл сегодня. Самодельный квадроцикл своими руками. Стяжка пола своими руками. Быстрая и сухая стяжка пола своими руками. Как сделать стяжку своими руками.
ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන පෞරාණික වාරිමාර්ග

පෞරාණික වාරිමාර්ග

ක‍්‍රි. පූ. 300 ආසන්නයේ පණ්ඩුකාභය රජ සමයේ වූ මුල්ම වාරිමාර්ගවල සිට ඊළඟ වසර දහසක් මුළුල්ලේ අඛණ්ඩව වැඩි දියුණු වූ පැරණි ශ‍්‍රී ලංකාවේ වාරි කර්මාන්ත පැරණි ලෝකයේ වූ වාරිමාර්ග පද්ධති අතරින් අතිශයින්ම සංකීර්ණ වූ ඒවායින් සමන්විත විය. භූගත ඇලමාර්ග ඉදිකිරීමට අමතරව, ජලය ගබඩා කිරීම සඳහා සම්පූර්ණයෙන්ම කෘතිම ජලාශ ඉදිකළ මුල්ම ජාතීන් අතරට සිංහලයන් අයත් වෙති. මෙම වාරි පද්ධති පරාක‍්‍රමබාහු රජතුමා රාජ්‍ය කරන සමයේදී (ක‍්‍රි. ව.1153 – 1186) පුළුල් ලෙස ප‍්‍රතිසංස්කරණය කර තවදුරටත් ව්‍යාප්ත කරන ලදී.

ශ‍්‍රී ලංකා ඉතිහාසයට අනුව, ප‍්‍රථම වැව ඉදි කරන ලද්දේ ක‍්‍රි. පූ. 437 - 367 තෙක් රාජ්‍යය කළ පන්ඩුකාභය රජතුමා විසිනි. එතුමා වැව් තුනක්, එනම්, අභය වැව, ගාමිණී වැව හා ජය වැව කරවූ බව කියවෙතත් දැනට බසවක්කුලම නම් එක් වැවක් පමණක් හඳුනාගත හැක. පණ්ඩුකාභය රජුගෙන් පසු පරාක‍්‍රමබාහු රජතුමා, දැනටත් කෘෂිකර්මය සඳහා ජලය සපයන පරාක‍්‍රම සමුද්‍රය ඇතු`ඵ වැව් රාශියක් කරවා ඇත. ශ‍්‍රී ලංකාව පාලනය කළ රජවරුන් බොහෝ දෙනෙකු රජරට පුරා ඇති වැව් සංවර්ධනය කිරීමහා ඉදිකිරීම සඳහා දායක වූ බව පැවසිය හැකිය.

වාරිමාර්ග සංකල්පය වැඩි දියුණු වීම මානව ශිෂ්ටාචාරයත් සමග මතු වී ආවේය. වගා කිරීමේ අවශ්‍යතාවයට අමතරව බුදුදහමේ සංස්කෘතික ආභාෂයද පැරණි ශ‍්‍රී ලාංකිකයන් වාරි ජල සම්පාදිත කෘෂිකර්මය කරා යොමු කළේය.

වැවයි-දාගැබයි යන සුප‍්‍රකට ඓතිහාසික සංකල්පයට අනුව ගමක මුලින්ම පන්සලක්ද ඉන්පසු වැවක්ද ඇති වේ. බොහෝ අවස්ථාවල වැව සෑදීමේදී ඉවත් කරන ලද හොඳ තත්වයේ පස දාගැබ (ස්ථූපය) ඉදිකිරීමට භාවිතා කරන ලදී.

රජතුමාට බෞද්ධ භික්ෂූන්ගේ අවවාද අනුශාසනා බොහෝ සෙයින් ලැබුණු බවත් රජතුමාගේ පැවැත්ම ඔහු කොතෙක් දුරට එම අවවාද අනුශාසනා පිළිපැද්දේද යන කරුණ මත රඳා පැවති බවත් ඉතිහාසයෙන් හෙළි වේ.

ඉතිහාසයට අනුව පැරණි යුගයන්හිදී වාරිමාර්ග ප‍්‍රවණතා සම්බන්ධයෙන් අනුරාධපුරය හා පොළොන්නරුව යුගයන් ඉතා වැදගත් ලෙස සැලකිය හැක.

අනුරාධපුර යුගය : මෙම යුගය පැරණි ශ‍්‍රී ලංකාවේ වාරි ශිෂ්ඨාචාරයෙහි ඉතාමත්ම වැදගත් යුගය ලෙස සැලකිය හැකි වේ. විශාල වාරි කර්මාන්ත වැඩි ප‍්‍රමාණයක් මෙම යුගයේදී ඉදි කරන ලදී.

වාරි සංස්කෘතියේ තවත් වැදගත් යුගයක් වන්නේ අනුරාධපුර යුගයට අයත් ධාතුසේන රජ සමයයි. ධාතුසේන රජතුමා 459 සිට 477 දක්වා රට පාලනය කළ අතර එතුමාගේ පාලන සමයේදී සුවිසල් කලාවැව ජලාශය හා තිසා වැවට (ක‍්‍රී. පූ. 307) ජලය සැපයූ සැතපුම් 54ක් දිග ජය ගඟ නැතහොත් යෝධ ඇල කරවූයේය. නුවරවැවට (ක‍්‍රි. පූ. පළමු සියවස) ජල සැපයුම වැඩි කිරීම පිණිස මල්වතු ඔය හරස් කර හැරවුම් ව්‍යුහයක් ඉදි කරන ලද නමුත් පසුව මල්වතු ඔය හරහා නාච්චදූව (ක‍්‍රි. ව. 816 - 890) ඉදි කරන ලදී.

පොලොන්නරු යුගය : පරාක‍්‍රමබාහු රජතුමා (1153 - 1186) මෙරට පාලනය කළ ශ්‍රේෂ්ඨ පාලකයන් අතරින් එක් අයෙකු වූ අතර එතුමාගේ පාලන සමයේ සිදු වූ බොහෝ සංවර්ධන කටයුතු, පරිපාලන ප‍්‍රතිසංස්කරණ හා සංග‍්‍රාම පිළිබඳ තොරතුරු ඉතිහාසයේ දක්නට ලැබේ. යෝධ පරාක‍්‍රම සමුද්‍ර ජලාශ සංකීර්ණය අපගේ පැරණි ඉංජිනේරුවන්ගේ දක්ෂතා හා කැපවීම ප‍්‍රදර්ශනය කරයි. ගිරිතලේ හා කාලිංග වැනි වාරි පද්ධති ද එතුමා ප‍්‍රතිසංස්කරණය කළේය.

පරාක‍්‍රම සමුද්‍රය වැව් තුනකින් සමන්විත වන අතර එවා තෝපා වැව, දුඹුටුළු වැව හා එරබුදු වැව වේ. සමුද්‍රය සැකසීම සඳහා මෙම වැව් තුන එකිනෙකට සම්බන්ධ කර ඇති අතර අනන්‍ය ජල පෝෂක ප‍්‍රදේශයට අමතරව සැතපුම් 24 ක් දිග ජලය ගෙන එන ඇල මාර්ගයක් සහිත අංග මැඩිල්ල අමුණෙන් එය පෝෂණය වේ. වැව් බැම්මේ මුඵ දිග සැතපුම් 9 ක් වන අතර එහි උස අඩි 40 ත් 90 අතර වෙනස් වේ.

ඇලහැර වාරිමාර්ග සංකීර්ණය : මහා වංශයට අනුව වසභ රජු ඇලහැර ඇල ඉදි කරවූයේය. මාතලේ ප්‍රදේශයේ කඳු වලින් ඇරඹෙන අඹන් ගඟ (මහවැලි ගඟේ අතුගංගාවක්) හරහා ඇලහැරදී ඉදි කරන ලද හැරවුම් ව්‍යුහයක් මෙම වාරිමාර්ග පද්ධතියට අයත්ය. මෙම සුවිසල් ඇල මෙම ස්ථානයේ සිට මින්නේරිය, ගිරිතලේ හා කන්තලේ ජලාශ වෙත ජලය ගෙන ගියේය. ඇලහැර සිට කන්තලේ දක්වා වන දිගු ගමනේදී එය ඉහකුළු වැව, රොට වැව, මටළු වැව හා කෝඳුරු වැව වැනි කුඩා වැව් වලටද ජලය සපයා ඇත. ඇලැර සිට දියබෙදුම (මෙහිදී එය මින්නේරිය හා ගිරිතලේ දක්වා දෙකට බෙදෙයි) දක්වා වන මෙම ඇලේ මුල් කොටස දිගින් සැතපුම් 20.75 කි.

නෑහින්න ඇලේ සැතපුම් 2.5කට ඔබ්බෙන් එය ගිරිතලේ වැවට ඇතුළු වන අතර තලවතුර කිරි ඔයට ගලා බසින අනෙක් ශාඛාව ඇලහැර සිට සැතපුම් 25 ක් ඔබ්බෙන් මින්නේරියට ඇතුළු වේ. ගිරිතලේ හා කන්තලේ වැව් අග්බෝ රජු (ක්‍රි.ව. 604) විසින් කරවන ලද නමුත් පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් පොළොන්නරු යුගයේදී ගිරිතලේ වැව ප්‍රතිසංස්කරණය කරන ලද බව පැහැදිලිය. මහසෙන් රජු (ක්‍රි.ව 275 සිට 301) විසින් කරවන ලද මින්නේරිය වැවෙහි පිටාර මං දෙකක් ඇත. දකුණු පිටාර මගෙන් ජලය අගල්වාන් ඔයට මුදා හැරෙන අතර අනෙක දැනට මයික් ලෙස හැඳින්වෙන දීර්ඝ ඇල මගක් යොදා ගනිමින් ගල්ඔය හරහා කන්තලේ වැවට ජලය මුදා හරී.

Minneriya Tank, which was built by King Mahasena (275 301AD), is equipped with two spillways. The one on the south spills to Agalwan Oya and other releases water to Kantale tank using a long canal presently well known MKYE through Gal Oya and it enter Kantale Tank.

මින්නේරිය වැව ප‍්‍රදේශයේ ජනතාව මුහුණපාන සෘතු වෙනස්කම් හා ස්වාභාවික දුෂ්කරතා මගහැරවීම සඳහා කරන ලද අතිවිශිෂ්ඨ නිර්මාණයක් බව එවකට ආණ්ඩුකාර හෙන්රි වෝඞ් වරක් සඳහන් කළේය. මින්නේරිය වැව වටා ගෙතුණ විචිත‍්‍රවත් ජන ප‍්‍රවාද රාශියක් ඇත. වඩාත්ම ප‍්‍රකට කරුණක් වන්නේ මින්නේරිය වැව ඇතුළු වාරි කර්මාන්ත ගණනාවක් කරවීමෙන් තමන්ට මහත් සේ උපකාර වූ රජුට තම කෘතඥතාව දැක්වීම පිණිස ජනතාව විසින් මහසෙන් රජු දේවත්වයෙහි තබා 'මින්නේරි දෙවියන්' ලෙස පුදපූජා පවත්වන බවයි. වැව් බැම්ම මත මහසෙන් රජුට කැප කළ දේවාලයක්

වැවේ ධාරිතාවය වර්ධනය කිරීම සඳහා 1903 දී හා1953 දී ප‍්‍රතිසංස්කරණ කාර්යයන් සිදු කරන ලදී

ඉතිහාසයේ කියැවෙන පරිදි සැතපුම් 3 ක් ඔබ්බෙන් මහසෙන් රජු කවුඩුල්ල වැව කරවන ලද අතර බිසෝ බණ්ඩාර කුමරිය (මහසෙන් රජුගේ සොයුරිය) එය කරවූ බවටද ජනප‍්‍රවාදයක් පවතී. මෙම මුළු පද්ධතියම ප‍්‍රගමන වාරි ව්‍යුහ පෙළ (cascade) සංකල්පය හා ඒකාබද්ධ ද්‍රෝණි හරහා තැනූ වාරි පද්ධතියකට විශිෂ්ඨ උදාහරණයකි.

මිනිපේ යෝධ ඇල : ඉහත වාරි පද්ධතිවලට අමතරව මිනිපේ හැරවුමේ සිට අන්තර්නිම්න ඇල මාර්ගයක් මගින් ඇල මග මහවැලි ගඟේ සිට අඹන් ගඟ ජලය ගෙන ගියේය. දාසෙන්කෙලිය රජතුමා (ක‍්‍රි. ව. 459) මෙය කරවූ අතර එය මහවැලි වම් ඉවුරට වාරි ජල සම්පාදනය කර ඇත. නුතන ඉංජිනේරුවන් මවිත කරවන මෙම සුවිසල් වාරි කර්මාන්තය, ගං ඉවුරට යාබද දූවකින් සැකසුණු පටු ඇල මගකට ජලය විශාල ප‍්‍රමාණයක් ඇතුළු වන නැම්මකදී ගඟ හරවන ක‍්‍රමයකින් සමන්විත වන අතර එම ස්ථානය ජලය ප‍්‍රධාන ධාරාවට ආපසු එක්වීමට බාධා කරන ගල්කුළු දෙකකින් අර්ධ වශයෙන් ආවරණය වී තිබේ.

බදාම මගින් මෙම ගල්කුළු එක් කිරිමෙන් වේල්ලක් නිර්මාණය කර ස්වාභාවික ඇල මගේ ජලය ප‍්‍රමාණය විශාල ලෙස ඉහළ නැගීමට සලස්වා ඇත. ජනප‍්‍රවාද මත පදනම් වෙමින් මෙම වාරි කර්මාන්තය පිළිබඳ සිය නිරීක්ෂණය ප‍්‍රකාශ කළ ශ‍්‍රීම්ත් හෙන්රි වෝඞ් මෙම ඇල මාර්ගය වාරි ජල සම්පාදනය සඳහා පමණක් නොව යාත‍්‍රා කිරීම සඳහා යොදාගන්නට ඇතැයි පැවසුවේය. ඇල මාර්ගයේ දිග සැතපුම් 50 ක් වන අතර අංගමැඩල්ල අමුණට පහළින් එය අඹන් ගඟ හා එක් වෙයි. මෙම ඇල මග ගැඹුරට කැපීම අවම කරවන මගක් ඔස්සේ ගමන් කර ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත් ය.

Minneriya receives Mahaweli water through Elahera Giant Canal. There were rehabilitation work carried out in 1903 and 1953 to increase the capacity to the tank

මුල් යුගයේ වාරි කර්මාන්ත

බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් සිදු කිරීමට භාර ගන්නා ලද ප‍්‍රථම ප‍්‍රධාන වාරි කර්මාන්තය වූයේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කිරම ඔය හරහා කිරම වේල්ල ඉදි කිරීමයි. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගිරිවාපත්තුවේ ගම්මානවල  ඉඩම් වල ප‍්‍රයෝජනය සඳහා ජලය නියාමනය පිණිස මෙය 1825 දී සිදු කරන ලදී.

නව වාරිමාර්ග ආඥාපනත

වාරිමාර්ග හා කුඹුරු ඉඩම් වගා කිරීම සම්බන්ධයෙන් ඉපැරණි සම්ප‍්‍රදායයන් යළි පණ ගැන්වීම හා බලාත්මක කිරීම පිණිස 1856 පෙර පැවති ආඥා පනතෙහි ප‍්‍රතිපාදනද යළි ඇතුළත් කරගත් නව වාරිමාර්ග ආඥා පනතක් වන 1867අංක 21 දරන පනතද සමමත කරන ලදී. කවර හෝ යෝජිත වාරි කර්මාන්තයක් මගින් ප‍්‍රතිලාභ ලැබීමට ඉඩ ඇති ඉඩම් හිමියන්ගේ අදහස් විමසීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රියා පටිපාටිය මෙහි නියම කර ඇත. රජයේ ආධාර සඳහා අයදුම් කිරීම යෝග්‍ය වූ අතර රජය විසින් අත්තිකාරම් ලෙස ලබාදෙන කවර හේ මුදලක් වාර්ෂික වාරික දහයකින් ආපසු ගෙවීමේ බැඳීමට යටත් කෙරිණි. ප‍්‍රතිලාභ ලබන ප‍්‍රදේශ පුළුල් හා විශාල වූ විට පවා වියදම ආවරණය කිරීමට අක්කරයකට රු. 20 ප‍්‍රමාණවත් නොවන බව නොබෝ කලකින්ම පෙනී ගියේය. තවද 1887 දී ක‍්‍රියාත්මක කිරීම සඳහා මොල්ස්වර්ත් පහත සඳහන් වාරි කර්මාන්ත යෝජනා කළේය.

  1. මඩකලපුවේ රුගම් වැව - අක්කර 2400
  2. බොරලැස්ගමුව වැව - අක්කර 36
  3. බදුල්ල ආසන්නයේ අලූ ඇල
  4. වැලිගම ආසන්නයේ බෝරලේ - අක්කර 300
  5. Denagama near Matara- 1600 Acs.
  6. මොණරාගල බුත්තල ඇල - අක්කර 1200
  7. අල්ලෙයි වැව - අක්කර 1600
  8. පෙරියකුලම් - අක්කර 600

ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තු පරිපාලන වාර්තාවේ ප‍්‍රථම වාරි කර්මාන්ත ලැයිස්තුව

මෝල්ස්වර්ත් 1870 දී විශ‍්‍රාම ලැබූ අතර වාරිකර්මාන්ත සඳහා කරන ලද වියදම් 1871 දී ප‍්‍රථම වතාට ප‍්‍ර. වැ. දෙ. හි පරිපාලන වාර්තාවේ වෙනම අයිතමයක් ලෙස ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත් වාරිමාර්ග වෙනුවෙන් කරන ලද වියදම සමස්ත අයවැයෙන් 1% වඩා අඩු විය. ප‍්‍ර. වැ. දෙපාර්තමේන්තුව ප‍්‍රථම වතාවට සිය පරිපාලන වාර්තාවේ ඉදිකිරීම් සම්පූර්ණ කරන ලද හා ඉදි කෙරෙමින් පැවතුණ වාරිමාර්ග වල ලැයිස්තුවක් අඩංගු කළේය. පහත සඳහන් වන්නේ 1871 පරිපාලන වාර්තාවේ අඩංගු වූ අයිතමයි

සම්පූර්ණ කරන ලද වාරි කර්මාන්ත

  1. දැදුරු ඔය ඉස් සොරොව්ව
  2. පෙරියකුලම් ඇල
  3. දෙනගම හා උයන් වැව
  4. සොරබොර වැව
  5. කුඩා වැව
  6. කින්චිගුණ වාරිකර්මාන්ත
  7. රූගම්  වැව

එවකට ඉදිවෙමින් පැවති වාරි කර්මාන්ත

  1. අල්ලෙයි වැව
  2. දිව්ලාන වැව
  3. දැදුරු ඔය ඇල
  4. කඹුක්කුමුනෙයි විල්ලූ
  5. කුරුණෑකන්ගේ ආරු වේල්ල
  6. කොස්පොතු ඔය, කුඹුගල්පිටිය
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 24 වෙනි බදාදා, 03:57  







නවතම පුවත්

ගංවතුර පුරෝකථනය (Flood Warning)

ගංවතුර තත්වයේ පුරෝකථන නිවේදන පිළිබද දැනුවත් වීමට මෙම යොමුව මත click කරන්න. ...

Inundation Maps & Hydrological Annual

සිතියම් සදහා Downloads => Flood Data වෙත යොමුවෙන්න. Hydrological Annual සදහ...

කතුහිමිකම © 2017 වාරිමාර්ග දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 17-10-2017.