පුරන්න
: Капитальный ремонт крыши. Быстрый ремонт крыши дома своими руками. Стоимость ремонта крыши. Ремонт потолка своими руками. Качественный ремонт потолков в квартире. Ремонт подвесных потолков. Схема подключения котла отопления. Быстрое подключение котла к системе отопления. Подключение батарей отопления схема.
Продажа самодельных вездеходов. Лучшие самодельные мини вездеходы. Устройство самодельных вездеходов. Ванная комната дизайн фото. Красивый дизайн интерьера ванной комнаты. Дизайн ванной комнаты в квартире. Как начать бизнес с нуля. Лучшие идеи малого бизнеса с нуля. Новый бизнес с нуля. Самодельные квадроциклы чертежи. Как сделать самодельный квадроцикл сегодня. Самодельный квадроцикл своими руками. Стяжка пола своими руками. Быстрая и сухая стяжка пола своими руками. Как сделать стяжку своими руками.
ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන හැදින්විම

හැදින්විම

වාරිමාර්ග උරුමය

"මනුෂ්‍ය වර්ගයාගේ ශුභසිද්ධිය උදෙසා ප‍්‍රයෝජනයට ගැනීමෙන් තොරව එකදු වැසි ජල බිඳුවක්වත් මුහුදට ගලා යාමට ඉඩ නොදෙමු" යන ආදර්ශපාඨය උරුම කරගෙන එය සාක්ෂාත් කර ගැනීමට ප‍්‍රයත්න දරන්නෙමු.
(මහා පරාක‍්‍රමබාහු රජතුමා : 1123 - 1186)

“මෙහෙවර

වාරිමාර්ග දෙපාර්තමේන්තුව රජයේ ප‍්‍රතිපත්ති රාමුව තුළ ක‍්‍රියාත්මක වෙමින් ආහාර, ජීවනෝපාය හා පරිසරය වෙනුවෙන් භූමි හා ජල සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා පහසුකම් සලසනු ඇත.

“දැක්ම"

ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් භූමි හා ජල සම්පත් සංවර්ධනය හා කළමනාකරණය වැඩි දියුණු කිරීම. නවීන තාක්ෂණය හා මානව සම්පත් සුසංයෝගයෙන් වාරි ජල සම්පාදිත කෘෂිකර්මාන්තය, ජල විදුලිය හා ජල ගැලීම් පාලනය සඳහා ප‍්‍රශස්ත ප‍්‍රතිලාභ අත් කරගැනීම උදෙසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව භූමි හා ජල සම්පත් සැලසුම් කිරීම, නිරීක්ෂණය, පාලනය හා කළමනාකරණය කිරීම සිදු කරනු ඇත.

අරමුණු

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන අරමුණු වනුයේ:

  • වාරි ජල සම්පාදිත කෘෂිකර්මය, ජල විදුලිය, ජලගැලීම් පාලනය, ගෘහස්ථ භාවිතය, කාර්මික භාවිතය හා කෘෂිකර්ම සංවර්ධනය උදෙසා භූමි හා ජල සම්පත් සංවර්ධනය.
  • වාරිමාර්ග හා ජලාපවහන ව්‍යාපෘතිවල වගා කළ හැකි ඉඩම් සඳහා වාරිමාර්ග හා ජලාපවාහන පහසුකම් සැපයීම.
  • ග‍්‍රාමීය ගොවි ප‍්‍රජාවගේ ගොවිපල ආදායම වැඩි කිරීම හා ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම මගින් එම ප‍්‍රජාවගේ දරිද්‍රතාව පිටු දැකීම.
  • තිරසාර කෘෂිකර්මය වෙනුවෙන් ජලය කළමනාකරණය කිරීම.
  • ප‍්‍රධාන / මධ්‍ය පරිමාණ වාරිමාර්ග යෝජනා ක‍්‍රම වල භූමි හා ජල ඵලදායිතාව වැඩි දියුණු කිරීම.
  • ප‍්‍රධාන / මධ්‍ය පරිමාණ වාරිමාර්ග පද්ධති වල සමෝධානික ජල සම්පත් කළමනාකරණය හා සහභාගිත්ව කළමනාකරණය.

කාර්යයන්

  • භූමි හා ජල සම්පත් ප‍්‍රශස්ත උපයෝජනය සඳහා විවිධ ගංගා ද්‍රෝණි සංවර්ධනය කිරීම සඳහා ප‍්‍රධාන සැලසුම් පිලියෙල කිරීම.
  • වාරිමාර්ග, ජල විදුලි, ජලගැලීම් පාලන හා ගොඩකිරීමේ ව්‍යාපෘතිවල ව්‍යාපෘති වාර්ථා සැකසීම හා විස්තරාත්මක සැලසුම් කිරීම.
  • ආහාර නිෂ්පාදනය පිණිස වගා කරනු ලැබීම වගා කිරීම සඳහා නව හා පවත්නා ඉඩම් වලට ගුරුත්ව හා උස්සාන වාරිමාර්ග යටතේ ජලය හැරවීම හා බෙදා හැරීම සඳහා වාරිමාර්ග හා ජනපද ව්‍යාපෘති ඉදි කිරීම හා සංරක්ෂණය කිරීම.
  • අවම අවදානමක් සහිතව ආහාර භෝග නිෂ්පාදනය සඳහා වගා කළ හැකි ඉඩම් වර්ෂා ජලයෙන් වගා කිරීමේ හැකියාව ඇති කරනු පිණිස එබඳු ඉඩම්වල  ඵලදායිතාව ඉහල නැංවීම පිනිස ජලාපවහනය, ජල ගැලීම් ආරක්ෂා හා ලවණ ජලය බැහැර කිරීමේ ව්‍යාපෘති ඉදි කිරීම.
  • විශාල හා මධ්‍ය පරිමාණ ජලාශ යටතේ ගුරුත්ව හා උස්සාන වාරි ව්‍යාපෘති ජලාපවහන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම, නඩත්තුව, වැඩි දියුණු කිරීම් පුනරුත්ථාපනය හා එම ව්‍යාපෘතිවල ජල කළමනාකරණය.
  • ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ජල ශක්ති, ජල විද්‍යා, පාංශු ශිල්පය, ඉංජිනේරු භූවිද්‍යාව, භූගෝලීය තොරතුරු පද්ධතිය, ඉංජිනේරු ද්‍රව්‍ය හා ඉඩම් භාවිතය සම්බන්ධ පර්යේෂණ සිදුකිරීම.
  • ප‍්‍රශස්ත උපයෝජනය සඳහා මානව සම්පත් සංවර්ධනය.
  • ශ‍්‍රී ලංකා රජයේ මුදල් රෙගුලාසි වලට අනුකූලව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූල්‍ය කළමනාකරණ පද්ධතිය හා ගිණුම්කරණ, වාර්තා කිරීම් හා විගණන පද්ධති ක‍්‍රියාත්මක කිරීම හා නඩත්තුව.
  • රජයේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මන්ඩල / සංස්ථා, රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා පුද්ගලයන් වෙත, ජල සම්පත් සංවර්ධනය, පදනම් ඉංජිනේරු ශිල්පය, පස් වැඩ හා කොන්ක‍්‍රීට් වල තත්ව පාලනය, ජල ශක්ති ආකෘති පරීක්ෂාව හා ඉඩම් භාවිතය සැලසුම් කිරීම සම්බන්ධයෙන් උපදේශක සේවාවන් ලබාදීම.
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 23 වෙනි අඟහරුවාදා, 04:59  







නවතම පුවත්

Inundation Maps

2003 සහ 2016 ගංවතුර නිසා යටවූ පදේශ වලට අදාල සිතියම් සදහා Downloads => Flood...

කතුහිමිකම © 2017 වාරිමාර්ග දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 14-07-2017.